hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් 10, පෙ.ව. 12:12



ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම අද (10) සිට ලබන 16 වනදා දක්වා දින හයක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්‍යාලය පැවසීය.

නව අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින හයක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බවත් 16 වනදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සදහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත කෙරෙන බව සිංහරාජය වන පාලක එස්.ඩි නිමල් මහතා පැවසිය.

ඒ නිසා සිංහරාජය වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් එම දිනවලදී පැමිණෙන සංචාරකයන් සදහා නොහැකි බවත් වන පාලක එස්.ඩී නිමල් මහතා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: