hit counter

2026 අප්‍රේල් මස 16 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 17, පෙ.ව. 12:01



ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම වගේම හැමෝම ආදරය කරන සුපිරි යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්.

මේ දෙන්නා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපූරු වීඩියෝවක් මුදාහරිමින් රසිකයන්ව ලොකු කුතුහලයකට පත් කළා.

එම වීඩියෝවට ඔවුන් එක් කර තිබූ සටහන වුණේ “අපි තුන්දෙනාගේ පුංචි පවුලට එකතු වන අලුත්ම සාමාජිකයා” යන්නයි.

මේ සටහන දැකපු ගොඩක් දෙනෙක් හිතුවේ සාරාණ්‍යා දෝණිට දැන් මල්ලියෙක් හෝ නංගියෙක් ලැබෙන්න යනවා කියන සුබ ආරංචිය ඔවුන් පවසනවා කියලයි.

නමුත් ඔවුන් ඉතාමත් නිර්මාණශීලී විදිහට කරපු මේ වීඩියෝවෙන් හෙළි වුණේ ඒ අලුත් සාමාජිකයා ඔවුන් අලුතින්ම මිලදී ගත් සුඛෝපභෝගී කළු පැහැති වාහනය බවයි.

තමන්ගේ මහන්සියෙන් ලබාගත් මේ නව ජව සම්පන්න වාහනය ගැන රසිකයින් දැනුවත් කරන්න ඔවුන් තෝරාගෙන තිබුණු මේ අපූරු ක්‍රමය ගැන බොහෝ දෙනෙක් සුබ පැතුම් එක් කර තිබුණා. “අපිටත් හිතුණේ තවත් බබෙක් කියලා, ඒ වුණාට වාහනයත් මරු!” යනුවෙන් රසිකයින් විහිළුවට මෙන් ප්‍රතිචාර දක්වා තිබෙනුත් දැකගත හැකි වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: