hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24



රජය කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට යාමට සූදානම් නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) අවධාරණය කළේය.

රජයේ මූලික පරමාර්ථය විදුලිය අඛණ්ඩව සැපයීම බවත්, වඩා ලාභදායී විදුලි ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් පවතින තත්ත්වය කළමනාකරණය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2025-26 ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී මතුව ඇති ගැටලු නිසා ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දෝෂ නිසා නියමිත විදුලි ප්‍රමාණය උත්පාදනය නොවීමේ වගකීම මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දුන් පරිදි අදාළ සමාගම් විසින් දැරිය යුතු බව රජයේ ස්ථාවරයයි.

“අදාළ සමාගම්වලින් දඩ අය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එම දඩය ප්‍රමාණවත් නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මහා භාණ්ඩාගාරය හෝ ජනතාව මේ බර දරාගැනීමට සූදානම් නැහැ,”

යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: