hit counter

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි 08, පෙ.ව. 10:15



කාලයක් පුරාවට රසික හදවත්වල රැව්දුන් ඒ මිහිරි රහස, අවසානයේ නුවරඑළියේ සීතල මීදුම් සේල අතරින් එළියට පැමිණ තිබෙනවා.

තාරුණ්‍යයේ සිහින කුමරිය ලෙසින් කිරුළු පැලඳි, ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්, ගායන ශිල්පී දිනේෂ් ගමගේ සමඟින් සිය ජීවිතයේ නවතම කඩඉමට පියනඟා අවසන්.

“ශනු කවද්ද බඳින්නේ?” යන පැනය පසුගිය කාලය පුරාවටම ඇගේ රසිකයන් නිතර ඇසූ ප්‍රශ්නයක් වුණා. ඔවුන් දෙදෙනා අතර ආදර කතාවක් ඇති බවට බොහෝ දෙනා ඉඟි පළ කළත්, ඒ ගැන දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ මේ යුවළ, මුළු කලා ක්ෂේත්‍රයම මවිතයට පත් කරමින් එක වහලක් යටට වී තිබෙන්නේ කාටත් හොරාමයි.

කලා ලොවේ මේ සුපිරි තරු ද්විත්වයේ හදිසි එක්වීම මේ වන විටත් අන්තර්ජාලය පුරා වඩාත්ම උණුසුම් මාතෘකාව බවට පත්වෙමින්, ඔවුන්ගේ ලක්ෂ සංඛ්‍යාත ආදරණීයයන්ට ගෙනවිත් තිබෙන්නේ අප්‍රමාණ සතුටක්.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ බාල දියණිය වන ශනුද්‍රි, ළමා තාරකාවක ලෙස කලාවට පිවිස, ‘දෙවෙනි ඉනිම’ හා ‘දිවිතුරා’ වැනි ටෙලිනාට්‍ය හරහාත්, ‘ආදරණීය ප්‍රාර්ථනා’, ‘මෝඩ තරිඳු’ වැනි සිනමාපට හරහාත් මෙරට ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ බහුකාර්ය ශිල්පිනියක්. 

නුවරඑළිය අඹේවෙලින් කොළඹට විත් සිය අසමසම හඬ පෞරුෂයෙන් සංගීත ක්ෂේත්‍රය ජයගත් දිනේෂ්, ‘තාමරස’, ‘දැනෙනා තුරු මා’ වැනි ගීත හරහා අතිශය ජනප්‍රියත්වයක් ගොඩනඟා ගත්තා. මේ දෙදෙනාගේ සුසංයෝගය කලා ලොවට අමුත්තක් නොවන්නේ, මෑතකදී ඔවුන් එකට එක්ව ගායනා කළ ‘කෙහෙරැල්ලේ’ මෙන්ම තවත් බොහෝ නිර්මාණ හරහා ඒ අපූරු රසායනය ප්‍රේක්ෂකයන්ට මනාව ඔප්පු කර තිබූ නිසාවෙනි.

දිනේෂ්ගේ උපන් ගම ආසන්නයේ පිහිටි ලංකාවේ සුන්දරතම නගරයක් වන නුවරඑළිය මේ ආදරණීය මංගල්‍යය සඳහා තෝරාගෙන තිබීමත් සුවිශේෂී කරුණක්. 

මේ විවාහ උත්සවයේ හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: