2026 මැයි 08, ප.ව. 12:21
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ පිහිටි අංක 37 දරන නිවසේ දොරක එල්ලී ඔහු සියදිවි හානිකරගෙන ඇති බවයි.
ඊයේ රාත්‍රී කාලයේදී ඒ මහතා සිය මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ ලැගුම් ගෙන සිට ඇති බවද අනාවරණය වී ඇත.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සිදුව ඇත්තේ ඔහුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් වී තිබූ පසුබිමක ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතියි.
මෙම නඩුවට අදාළව ඇප මත මුදාහැර සිටි ඔහු, ඇපකරුවන් සම්බන්ධයෙන් අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා එල්ල විය. ඒ අනුව, ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ (07) නියෝගයක් නිකුත් කර තිබුණි.
ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු පැවසුවේ, අධිකරණ නියෝගයට අනුව මෝසමක් මාර්ගයෙන් අද (08) දිනයේදී ඒ මහතා අධිකරණයට භාර වීමට නියමිතව සිටි බවයි.
2026 මැයි 08, ප.ව. 1:31
2026 මැයි 08, ප.ව. 12:32
2026 මැයි 08, ප.ව. 12:15
2026 මැයි 08, පෙ.ව. 12:18
2026 මැයි 08, පෙ.ව. 12:18