hit counter

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි 09, පෙ.ව. 12:14



අස්වැසුම යෝජනා ක්‍රමය හරහා ඉකුත් වර්ෂයේ දි (2025) අස්වැසුම ප්‍රතිලාභි පවුල් මිලියන දෙකකට ප්‍රතිලාභ සලසා ඇති අතර ඒ සදහා රුපියල් බිලියන 148.4ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති  වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සදහන් වේ.

2024 වර්ෂයේ දි අස්වැසුම ප්‍රතිලාභි පවුල් මිලියන 1.8ක් සදහා වැයකොට ඇති මුදල රුපියල් බිලියන 145.6කි.

අස්වැසුම යෝජනා ක්‍රමය මගින්  2026 හා 2027 යන වර්ෂවල මුල් භාගයේ දි පවුල් මිලියන 1.92කට දිමනා ලබාදිමට ඉලක්කකොට  ඇත.

එමෙන්ම ආබාධ සහිත පුද්ගලයින්  නිදන්ගත වකුගඩු රෝගින්, සහ වයෝවෘද්ධ පුරවැසියන් ආවරණය වන පරිදි  පුද්ගලයින් මිලියන 1.27කට  දිමනා ලබාදිමට ද මෙම යෝජනා ක්‍රමය මගින් ඉලක්කකොට ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.