2026 මැයි 13, පෙ.ව. 10:56
කර්මාන්ත ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන “2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව” (National SME Strategy Framework 2026) අද එළිදැක්වීමට නියමිතයි.
මාලිමා ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම උපායමාර්ගික රාමුව හරහා සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්රයේ පවතින ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි වාර්තාවන්නේ.
කුළුණු 11 කින් යුතු මෙම උපායමාර්ගික රාමුව හරහා ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය පහසුවෙන් කර ගැනීමටත්, නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමටත්, විශේෂිත මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් අවස්ථාව උදාවන බවයි පැවසෙන්නේ.
සාම්ප්‍රදායික නිලධාරීවාදී ක්‍රමයෙන් බැහැරව ව්‍යවසායකයාගේ වර්ධනයට සෘජුව සහාය වන උපදේශන සේවාවන් මෙහිදී නොමිලේ ලබා ගත හැකි බවත් වාර්තා වනවා.
මෙම ජාතික වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාව අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා උත්පාදනය කිරීමටත් සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමටත් අපේක්ෂා කරන බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
2026 මැයි 13, ප.ව. 2:59
2026 මැයි 13, පෙ.ව. 11:58
2026 මැයි 13, පෙ.ව. 10:13
2026 මැයි 13, පෙ.ව. 9:49
2026 මැයි 13, පෙ.ව. 12:30