hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 19, පෙ.ව. 10:48



රණවිරු සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුවිශේෂ අයකු නොවන බව අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා හිටපු රාජ්‍ය නායකයන් සියලු දෙනාට ආරාධනා කර ඇති බවයි.

ඒ සඳහා පැමිණීම නොපැමිණීම ඔවුන්ගේ කාර්යක් බවත් උපරිම රාජ්‍ය මැදිහත්වීම යටතේ කිසිදු අඩුවකින් තොරව රණවිරු සැමරුම සිදුකරන බවත් ඇමති උපාලි පන්නිලගේ ප්‍රකාශ කරයි.

කෙසේ වුවද දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂට එවැනි ආරාධනාවක් ලැබී නොමැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: