hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මැයි 20, ප.ව. 12:30



ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් Amar Preet Singh PVSM, AVSM, සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) අතර හමුවක් (19) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ආරක්ෂක ලේකම්, ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමඟ ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

ඉන්දීය ආරක්ෂක උපදේශක ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සැසියට සහභාගී වූහ.