hit counter

2026 මැයි මස 24 වන ඉරිදා

2026 මැයි 24, පෙ.ව. 12:11



වර්තමාන ආණ්ඩුව බලයෙන් පහකිරීමටත් සුංබුං විපක්ෂය නැවත බලයට පත්වීමටත් එරෙහිව තමන් සටන් කරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

වර්තමාන ආණ්ඩුවේ අඩුපාඩු පැවතියද ඔවුන්ගේ චින්තනය පිළිගන්නා බවද ඔහු අවධාරණය කරයි.

සජබ එජාපය හෝ පොහොට්ටුව යළි බලයට පැමිණියහොත් රට යළිත් ගොඩගත නොහැකි ප්‍රපාතයකට ඇද වැටෙනු ඇතැයිද සරත් ෆොන්සේකා අනතුරු අඟවයි.

තමන් ජනාධිපතිතුමා හමු වී සුහද සාකච්ඡා කළද තනතුරු වරප්‍රසාද ලබාගැනීම පිළිබඳ එහිදී කතාබහ නොවන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

සිරස නාලිකාවේ සංවාදයකට එකතු වෙමින් සරත් ෆොන්සේකා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: