2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:20
ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට අවශ්‍ය වූ පමණින් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කර සීමා නිර්ණය කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
හිරු පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජයේ අමාත්‍යවරුන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාවට විවෘත කර ඇති බවයි.
එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීමට ද රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, මැතිවරණය පැවැත්වීමට නම් අදාළ නීති රීති නිසි පරිදි සම්මත විය යුතු අතර සීමා නිර්ණය කටයුතු ද අවසන් විය යුතු බව අවධාරණය කළේය.
එම නීතිමය රාමුව සකස් වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
15-09-26
15-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26