hit counter

2026 මැයි මස 26 වන අඟහරුවාදා

2026 මැයි 26, ප.ව. 4:38



රට සැබෑ ලෙසම පොහොසත් කිරීමට සහ ජනතාවට ලස්සන ජීවිතයක් උදා කර දීමට නම්, අවම වශයෙන් වසර 20කට වැඩි කාලයක් ජනතාව තම කණ්ඩායම සමඟ රැඳී සිටිය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ලොව දියුණු වූ රටවල් දෙස බැලීමේදී එම රටවල දියුණුවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දීර්ඝ කාලීනව පැවති එකම පාලනය සහ දේශපාලන ස්ථාවරත්වය බවයි. 

ඒ සඳහා ඔහු ලෝකයේ රටවල් කිහිපයක් උදාහරණයට ගනිමින් කරුණු පැහැදිලි කළේය.

ඔහුගේ ප්‍රකාශයට අනුව, චීනය වසර 60කට වැඩි කාලයක් ද, කියුබාව වසර 70කට වැඩි කාලයක් ද, වියට්නාමය වසර 55කට වැඩි කාලයක් ද එකම රජයක් යටතේ පාලනය වීම එම රටවල ප්‍රගතියට බලපා ඇත.

ශ්‍රී ලංකාව ද “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ඉලක්කය කරා මෙහෙයවීමට නම්, මෙවැනිම දීර්ඝ කාලීන ස්ථාවර රජයක් සහ ජනතාවගේ අඛණ්ඩ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: