2026 මැයි 27, පෙ.ව. 9:29
පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙන්ම වෙසක් දන්සැල් පවත්වන සංවිධායක පිරිස්ද දුෂ්කරතාවයට පත්ව ඇත.
මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි කිලෝව රුපියල් 650ත් 700ත්, ලික්ස් කිලෝවක් රුපියල් 350ත් 400ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 600ත් 650ත්, කැරට් කිලෝව රුපියල් 400ත් 450ත්, වම්බටු කිලෝව රුපියල් 380ත් 420ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 150ත් 200ත්, තක්කාලි කිලෝව රුපියල් 450ත් 500ත්, පතෝල කිලෝව රුපියල් 500ත් 550ත්, නොකෝල් කිලෝව රුපියල් 350ත් 400ත්, වැටකොළු කිලෝව රුපියල් 450ත් 480ත් වට්ටක්කා කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට විකිනෙනු ඇත.
මෙසේ එලවළු මිල ඉහල යාම පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ එලවළු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට අවශ්‍ය එලවළු මිලට ගැනිමට නොහැකි තත්වයක් පැවතිමත් සමග දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
එලවළු මිල මෙසේ ඉහල යාම හේතුවෙන් වෙසක් උත්සවය නිමිති කර ගෙන පවත්වනු ලබන වෙසක් දන්සැල් කර ගෙන යාමේදි තමන් කලින් ඇස්තමේන්තු කරන ලද මුදලට වඩා අමතරව තවත් අතිරේක මුදලක් වැය කිරිමට සිදු වන බවත් මෙම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ වෙසක් දන්සැල් පවත්වන සංවිධායකයන් පිරිසක්ද පවසන ලදි.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එලවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ පවතින අයහපත් කාලගුණික තත්වයන් මත එලවළු තොග මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එලවළු මිල ඉහල යාමත් සමග පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
2026 මැයි 27, ප.ව. 12:54
2026 මැයි 27, පෙ.ව. 11:57
2026 මැයි 27, පෙ.ව. 11:48
2026 මැයි 27, පෙ.ව. 10:25
2026 මැයි 27, පෙ.ව. 10:10