2026 මැයි 27, පෙ.ව. 11:57
රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) (26) දින මොස්‌කව් නුවරදී රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Vasily Osmakov හමුවිය.
මොස් කව්හිදී මැයි (26) සිට (29) දක්වා පැවැත්වෙන පලමුවන ජාත්‍යන්තර ආරක්ෂක සංසදය සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ වාර්ෂික රැස්වීම (International Forum on Security and the Annual Meeting of High Representatives for Security Issues) සඳහා සහභාගි වු ආරක්ෂක ලේකම්වරයා ඊට සමගාමීව මෙම හමුව පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී, දෙරට අතර කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් ආරක්‍ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.
ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ආරක්ෂක ක්ෂේත්‍ර වල, විශේෂයෙන්ම යුධ – තාක්ෂණික සහයෝගීතාව (Military-Technical cooperation), ධාරිතා සංවර්ධන වැඩසටහන් (Capacity-Building Initiatives) මෙන්ම දෙරට අතර පුහුණුවීම් වලට අදාල අවස්ථා ඉහළ නැංවීම වෙනුවෙන් පවතින අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම තහවුරු කලේය.
තවද දැනට රුසියානු සමූහාණ්ඩුවේ සේවය කරන හිටපු ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට අදාළ කරුණු පිළිබඳවද දෙපාර්ශවය විසින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කලේය.
2026 මැයි 27, ප.ව. 12:54
2026 මැයි 27, පෙ.ව. 11:48
2026 මැයි 27, පෙ.ව. 10:25
2026 මැයි 27, පෙ.ව. 10:10
2026 මැයි 27, පෙ.ව. 9:29