hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 28, ප.ව. 4:02



රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරතව සිටින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) එරට ආරක්‍ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම්, රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශක Aleksander Nikolayevich Venediktov සමඟ හමුවක් (27) දින මොස්කව් නුවරදී පැවැත්විය.

මෙම හමුව මැයි මස (26) සිට (29) දක්වා මොස්කව් නුවරදී පැවැත්වෙන පලමුවන ජාත්‍යන්තර ආරක්ෂක සංසදය සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ වාර්ෂික රැස්වීමට (1st International Forum on Security and the Annual Meeting of High Representatives for Security Issues) සමගාමීව පැවති තවත් එක් වැදගත් සාකච්ඡාවකි.

මෙම සුහද සාකච්ඡාවේදී, අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර එහිදී ශ්‍රී ලංකා සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

එමෙන්ම, දිගුකාලීන ආරක්ෂක සුරක්ෂිතතාව සහ යුධ තාක්ෂණික සහයෝගීතාව ( Military Technical Coordination) යන ක්ෂේත්‍රයන්හි නව මානයන් ගවේෂණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උසස් තාක්ෂණික යුධ සම්බන්ධතා තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි අවස්ථා සහ දෙරට අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් අදාළ මුලපිරීම් පිළිබඳවද ආරක්‍ෂක ලේකම්වරයා සහ Aleksander Nikolayevich Venediktov සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළහ.