2026 ජූනි 01, පෙ.ව. 12:25
බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු සමඟ තමන් සබඳතා පැවැත්වූ බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ද්වේශසහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.
විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව තමන්ට එරෙහිව සංවිධානාත්මක චරිත ඝාතනයක් මෙහෙයවමින් සිටින බවද මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.
තමා කිසිදු දිනක අපරාධකරුවන් හෝ ජාවාරම්කරුවන් සමඟ දේශපාලනය කර නොමැති බවද මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කරයි.
විශ්වවිද්‍යාල සමයේ සිටම වීදි බැස සමාජ සාධාරණත්වය සහ ජාතිවාදයට එරෙහිව සටන් කර ගොඩනැඟූ පිරිසිදු දේශපාලන ඉතිහාසයක් තමන් සතු බවද මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.
තමන්ගෙන් කිසිදු විමසීමකින් තොරව, ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමේ චේතනාවෙන් මෙම පුවත පළ කර ඇති බවත් ITN සහ ලේක්හවුස් වැනි මාධ්‍ය ආයතන ඊට දායක වී ඇති බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ලේක්හවුස් ආයතනය අදාළ පුවත ඉවත් කරගැනීමට එකඟ වූ බවත් ස්වාධීන රූපවාහිනී සේවයට (ITN) එරෙහිව ඉදිරියේදී අධිකරණමය පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
2026 ජූනි 01, පෙ.ව. 12:16
2026 ජූනි 01, පෙ.ව. 12:15
2026 ජූනි 01, පෙ.ව. 12:13
2026 ජූනි 01, පෙ.ව. 12:11
2026 ජූනි 01, පෙ.ව. 12:11
07-05-26
07-05-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
14-04-26
14-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
02-02-26
02-02-26
30-01-26
30-01-26