hit counter

2026 අගෝස්‍තු මස 16 වන ඉරිදා

2026 අගෝස්‍තු 17, පෙ.ව. 12:08



වත්මන් රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනා අතර දූෂණ චෝදනා එල්ල වූ හෝ අයථා ලෙස මුදල් උපයන ලද කිසිදු පුද්ගලයෙකු නොමැති බවත්, එවැනි අයෙකු සිටී නම් ඒ පිළිබඳව ප්‍රකාශ කරන ලෙසත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මහජනතාවට අභියෝග කළේය.

හිරු පුවත් සේවය වාර්තා කරන පරිදි, ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ තම කණ්ඩායමේ පිරිසිදුභාවය පිළිබඳව පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

“මේ 159 දෙනාගෙන් එක්කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න, කවුරුහරි දූෂණ චෝදනාවකට, වරදකට, තමන් මුදල් හොයලා වෙන හොරකමක් කරලා ඉන්නවාද කියලා,” යනුවෙන් ඔහු පැවසීය.

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම ඉටු කිරීමට රජය බැඳී සිටින බවත්, තම අනන්‍යතාවය සහ යුතුකම කිසිදු ලෙසකින් පාවා නොදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: