2026 ජූනි 03, ප.ව. 3:13
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය වශයෙන් ලැබී ඇති රුපියල් ලක්ෂ පනහක මුදල ප්‍රමාණවත් නොවන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කරයි.
ඒ අනුව නායක හිමියන් ඓතිහාසික මිහින්තලා පුද බිමේදී පැවති පොසොන් කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පවතින ඉන්ධන මිල ඉහළ යාම හා ආර්ථික තත්ත්වය නිසා එම රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් නොවන බවයි.
ජුනි 26 සිට ජුලි 02 දක්වා මෙවර පොසොන් සතිය මිහින්තලේ පුදබිමේදී ”අනුබුදු ගුණ බෙලෙන් යුද ගිනි නිවේවා” යන තේමාවෙන් පැවැත් වීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
ඒ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්ද රැසව සිටියා.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටු රැස්වීම අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත් විය.
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:08
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:07