hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2026 ජූනි 24, පෙ.ව. 12:18



ලබන 2027 වසරේ පටන් ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන හා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛය නිකුත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළව චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබයි.

එහි අරමුණ වන්නේ අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන ආකාරයට, විනිවිද භාවයකින් යුතුව, අක්‍රමිකතා අවම වන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමයි. මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කරමින් නව චක්‍රලේඛය සකස් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙසේ අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: