hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2026 ජූලි 06, පෙ.ව. 11:08



අමීර් ඛාන් සිය නව ප්‍රේමවන්තිය වන ගෞරි ස්ප්‍රැට් (Gauri Spratt) සමඟ ඊයේ (ජූලි 5) නිල වශයෙන් විවාහ දිවියට එළඹුණා.

විවාහ උත්සවය ඔහුගේ මුම්බායි නිවසේදී පැවැත්වුණේ ඉතා සරලව සහ සමීපතමයින්ගේ සහභාගීත්වයෙන්.

උත්සවය සඳහා පැමිණි අමුත්තන් අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන්, විකට නළු වීර් දාස් සහ චිත්‍රපට අධ්‍යක්ෂ අශුතෝෂ් ගෝවාරිකර් ද දක්නට ලැබුණා.

ඒ වගේම අමීර්ගේ පෙර විවාහයන්ගේ දරුවන් වන ජුනයිඩ් ඛාන් සහ ඉරා ඛාන් ද මෙම සැමරුමට එක්ව සිටියා.

විවාහයට පෙර සිටම අමීර් ප්‍රකාශ කර තිබුණේ පවුලේ අය සහ සමීපතම මිතුරන් කිහිපදෙනෙකු ඉදිරියේ, සිය විවාහය ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇති බව.

විවාහ උත්සවයෙන් පසු කිසිදු මංගල සාදයක් නොපවත්වන බවත් ඔහු පැහැදිලිව ම පවසා තිබුණා.

කොහොම නමුත් අද පැවති සැමරුමට ෂාරුක් ඛාන් සහ සල්මන් ඛාන් එක්වෙයි කියලා කවුරුත් බලාපොරොත්තුවෙන් සිටියා.

නමුදු ඔවුන් ඊට සහභාගීව සිටියේ නැහැ.

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව මෙම සුපිරි තරු දෙක පසුව පවත්වන විවාහ සාදය සඳහා එක්වීමට නියමිත බව සඳහන්.

මේ අමීර් ඛාන්ගේ තුන්වැනි විවාහය.

ඔහු මීට පෙර රීනා දත්තා සහ කිරන් රාඕ සමඟ විවාහ වී සිටි‍යා. ඔවුන් වෙන් වූ නමුත් තවමත් සුහද සබඳතාවක් පවත්වන බවයි දක්නට ලැබෙන්නේ.

මෙවර අමීර්ගේ අතගත් ගෞරි ස්ප්‍රැට්ගේ, දෙවැනි විවාහයයි මේ.

විවාහයෙන් පසු සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන තමන්ට ආශිර්වාද කරන ලෙසත් අමීර් මීට ඉහත ඉල්ලා සිටියා.

මෙම විවාහයට දෙපාර්ශවයේම දරුවන් එකට එකතුව සිටීම විශේෂයි.

අමීර්ගේ පළමු විවාහයේ දරුවන් වන ජුනයිඩ් ඛාන් සහ ඉරා ඛාන් ද කිරන් රාඕ සමඟ ඔහුගේ දෙවැනි විවාහයෙන් ලැබුණු පුත් අසාද් ද මෙම සැමරුමට එක්ව සිටියා.

ඒ වගේම ගෞරි ස්ප්‍රැට්ගේ පෙර විවාහයෙන් ලැබුණු පුත්‍රයා ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණා.

මෙවර අමීර්ගේ අතගත් ගෞරි ස්ප්‍රැට් කියන්නෙ බැංගලෝර් හි, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින තැනැත්තියක්.

ඒ වගේම ඇය 1920 ගණන්වල ඉන්දියාවට පැමිණ, පසුව ඉන්දීය නිදහස් අරගලයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ජාතික කොමියුනිස්ට්වාදියෙකු වූ පිලිප් ස්ප්‍රැට්ගේ (Philip Spratt) මිනිබිරිය ද වනවා.

ඇයට පෙර විවාහයෙන් ලැබුණු හත් හැවිරිදි පුතෙකු ද (Quinn) සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: