hit counter

2026 ජූලි මස 08 වන බදාදා

2026 ජූලි 08, පෙ.ව. 10:20



 කෘෂිකර්ම සහ කර්මාන්ත ක්ෂේත්‍රයන් හි නිරත තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම වෙනුවෙන් ලබාදෙන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් පුළුල් කරමින් කඩිනමින් ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) එක්වෙමිනි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත මේ වන විට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි 2027 වසරේ අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු ආයතන රැසක් මඟින් 2026 වසර තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් විමසා බලනු ලැබීය.

එමෙන්ම, වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ජනතාවට සැපයීම සඳහා වහාම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු රාජ්‍ය ආයතන මොනවාද යන්න පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: