2026 ජූලි 09, පෙ.ව. 12:19
කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද නිතර කතාබහට ලක්වන චරිතයක් වන මැණික් ලංකා රජිනි, සිය ආදරණීය සැමියාගේ වියෝවෙන් වසර දෙකක් ගතවීම නිමිත්තෙන් සිය ෆේස්බුක් ගිණුමේ අතිශය සංවේදී සටහනක් එක්කර තිබෙනවා.
සිය සැමියා සමඟ ගත් පළමු ඡායාරූපය සහ අවසන් ඡායාරූපය ද මෙම සටහනට එක් කරමින් ඇය පවසා සිටින්නේ ඔහු මේ ලෝකයෙන් සමුගෙන අදට හරියටම වසර දෙකක් ගත වී ඇති බවයි.
ජීවිතයේ මුහුණ දුන් අමිහිරි මතකයන් ආවර්ජනය කිරීමට අකමැති වුවත්, අද දිනයේ අමාරුවෙන් හෝ එය කිරීමට තමන්ට සිදුවූ බව පවසන ඇය, තම දරාගැනීම පරීක්ෂා කිරීමට දෛවය විසින් ලබා දුන් විශාලතම අභියෝගය සැමියාගේ වියෝව බවයි එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මැණික් ලංකා රජිනි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සම්පූර්ණ සටහන පහතින්,
“අදට හරියටම අවුරුදු දෙකයි ඔයා මේ ලෝකයෙන් සමු අරගෙන. ඔයත් එක්ක ගත්ත පළවෙනි photo එකත් අවසාන photo එකත් අද මේ විදිහට එකතු කරනවා. මුහුණ දුන් අමිහිරි මතක අවර්ජනය කරන්නවත් කැමති නැති මතකයන් වුවත් අමාරුවෙන් හෝ එසේ කරන්නට සිදුවුණා. මාගේ දරා ගැනීම පරීක්ෂා කිරීමට දෛවය විසින් දුන් ලොකුම අභියෝගය ඔයාගේ වියෝව…
ඔයාගේ හුස්මට හැකිවුණා හැම සබඳතාවයක්ම නැති කරන්න. ඔබෙන් ලද පාඩම් අපමණයි. ඔයාට අමා මහ නිවනම අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා…”
සැමියාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මැණික් ලංකා රජිනි තැබූ මෙම සටහනට මේ වන විටත් ඇගේ රසිකයින් සහ හිතවතුන් බොහෝ පිරිසක් සංවේදීව ප්‍රතිචාර දක්වමින් ඇයට ශක්තිය ප්‍රාර්ථනා කර තිබෙන අයුරුද සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා.
2026 ජූලි 08, ප.ව. 4:16
2026 ජූලි 08, ප.ව. 3:06
2026 ජූලි 08, ප.ව. 2:02
2026 ජූලි 08, ප.ව. 12:48
2026 ජූලි 08, පෙ.ව. 12:20
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26