hit counter

2026 ජූලි මස 08 වන බදාදා

2026 ජූලි 08, ප.ව. 4:16



බන්ධනාගාර මෙවැනි විශාල පාඩුවක් මධ්‍යයේ ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත්, එවැනි අයට දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතු බවත් මාධ්‍යවේදී විශ්ව ලංකා ප්‍රකාශ කර තිබේ.

ඔහු තවදුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්,    

”මේ ගැටලුව සමස්ථයක් විදිහට ගත්තහම මාර පාඩුවක් රැදවියන් 20 ක් නැති වෙලා තියනවා බන්ධනාගාර නිළධාරීන් 8 දෙනෙක් නැතිවෙලා තියනවා.

බන්ධනාගාරය  සුන්නද්දූලි කරලා විනාශ කරලා දාලා තියනවා  .මේ සමස්ථයම ලොකු පාඩුවක් .මේ පාඩුව ඇතුළේ සමහරු දේශපාලන වාසි හොයනවා ඔවුන්ට දේශපාලනය කරන්න . එහෙම හොයද්දී ඔවුන්ට හම්බෙනවා බන්ධනාගාරයෙදී අර හිලෙන් නිළධාරියෙක් වෙඩි තියනවා .

දැන් අහනවා  කවුද එහෙම වෙඩි තියන්න ඉඩ දුන්නේ මේ වගේ දේවල් .

රැදවියෝ දොර කඩාගන එන්න හදනවා එහෙම වෙලාවක කියන්නේ නිළධාරීන්ට දොර ළගට වෙලා පිරිත් කියන්න කියලද තමන් එක්ක එකට හිටපු බන්ධනාගාර නිලධාරී ලේ පෙරාගෙන එනවා . ඒත් ඔවුන් ඉවසීමෙන් බලාගන හිටියා ඒ නිළධාරීන්ට ගෞරව කරනවා  ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: