hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 ජූලි 14, ප.ව. 11:01



2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර තරගය හෙට අලුයම ඇමෙරිකාවේ ඩලස්හි AT&T ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙවරක් ලෝක ශූරයන් වූ ප්‍රංශය, කිලියන් ම්බපේගේ නායකත්වයෙන් තවත් ලෝක කුසලාන අවසන් තරගයක් ඉලක්ක කරමින් පිටියට පිවිසෙනවා. 

යොවුන් සුපිරි ක්‍රීඩක ලාමින් යමාල්ගේ දක්ෂතා මත විශ්වාසය තබා සිටින ස්පාඤ්ඤය සිය දෙවැනි ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමේ අරමුණින් මෙවර තරග බිමට පිවිසෙනු ඇති.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12.30ට ආරම්භ වෙයි.