hit counter

2026 ජූලි මස 22 වන බදාදා

2026 ජූලි 23, පෙ.ව. 12:03



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23ක් මේ වසර තුළ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමට පියවර ගන්නා බව එම කොමිෂන් සභාව දැනුම් දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු දූෂණයට හා වංචාවට එරෙහි සටන අතිශයින් තීව්‍ර කර ඇති බවත්, මූල්‍ය අක්‍රමිකතාවලින් බහුලව තිබූ කඩා වැටුණු පද්ධතියක් යථා තත්ත්වයට පත් කරමින් මෙම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අල්ලස් හා දූෂණ මර්දන ක්‍රියාවලිය වේගවත් කිරීම උදෙසා කොළඹ ප්‍රදේශයේ අලුතින් විශේෂ උසාවි තුනක් ද පිහිටුවා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අලුතින් ආරම්භ කිරීමට නියමිත ප්‍රාදේශීය කාර්යාල 23 සඳහා අවශ්‍ය සියලුම යටිතල පහසුකම් අධිකරණ අමාත්‍යාංශය මඟින් සපයන බවත්, රජයේ දූෂණ මර්දන යාන්ත්‍රණය හුදෙක් නඩු ඇසීමට පමණක් සීමා නොවී ජනතාවට ලබා දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකිරීමට කැපවී සිටින බවත් හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: