hit counter

2026 ජූලි මස 24 වන සිකුරාදා

2026 ජූලි 25, පෙ.ව. 12:23



ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2025 වසරේ විදේශ ණය ගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

අදාළ කාරක සභාව හමුවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, රුපියල අවප්‍රමාණය වීම නිසා පසුගිය වසරේ විදෙස් ණය ගෙවීමට කොපමණ අමතර මුදලක් වැයවී ඇත්දැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් උදේනී තිලකරත්න මහතා සඳහන් කළේ, පසුගිය වසරේදී ඩොලර් මිලියන 2400ක පමණ ප්‍රමාණයක් විදේශ ණය ලෙස ගෙවා ඇති බවත්, විනිමය අනුපාතිකයේ රුපියල් 20ක වෙනසත් සමඟ 2025 වසර තුළ අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැඩිපුර වියදම් කිරීමට සිදුවූ බවත්ය.

මේ අතර විදෙස් ණය ගෙවීමේදී 2025 වසරේදී ඩොලර් මිලියන 600ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් ද හර්ෂ ද සිල්වා මහතා විමසා සිටි අතර, ඒ සඳහා වාචික පිළිතුරු ලැබුණද ඊට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: