2026 ජූලි 26, පෙ.ව. 12:08
කලකට පසු හඬ අවදි කළ ජනප්‍රිය රංගන ශිල්පිනි ෂෙනායා වැන්හොෆ්…..
”මම ඉතාම ජනප්‍රියම මොහොතක ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් වෙනවා.
අද ඒ දිහා බලනකොට ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් වීම ගැන ලොකු කනගාටුවක් තියෙනවා.
මොකද අතිශයම ජනප්‍රියම මොහොතක තමයි මම අයින් වෙන්නෙ. මගේ චූටි කාලේ නම් මගේ හීනයක් නෙමෙයි රඟපාන එක. මට මේක අහම්බෙන්
සෙට් වුණ එකක්.
මම සල්ලිපොකුරු නාට්‍යට ගද්දිත් මට කිව්වා ඔයා කවදහරි මේ නාට්‍යයෙන් සම්මානයක් අනිවාර්යයෙන් ගන්නවා කියලා. එහෙම කිව්වත් මම හිතුවේ නෑ මට ඇත්තටම කරන්න පුළුවන් වෙයි කියලා. මම ඊට පස්සේ මගදි දාලා ගියා. ඇත්තටම මට යන්න සිද්ධ වුණා.
ඉතින් ඒක මම කලබල වෙලා ගත්තු තීරණ නිසා මගේ වැරද්දෙන් වුණ දෙයක් ඉතින් මම ඒකට අදටත් පසු තැවෙනවා මම හිතන්නේ මොකක්ද මම මේ කරගත්තේ කියලා. දැන් පිටිපස්ස හැරිලා බලද්දී හිතෙනවා මමත් මගේ අතෙත් සම්මානයක් තියෙන්න තිබ්බනේ මේ වෙනකොට කියන එක.
මොනවා කරන්නද ඒකට දැන් දැන්. අපිට ආය පිටිපස්ස හැරිලා බලන්නත් බැහැ. පිටිපස්සට යන්නත් බැහැ.
ආදරය ගැන කිව්වොත් මම ඒ මනුස්සයට ගොඩාක් ආදරේ නම් මට ඒ මනුස්සයට ආ ඔයා නිදහසේ ජීවත් වෙන්න කියලා ඉන්න දෙන්න හරි අමාරුයි.
මගේ මතේ මට හරි අමාරුයි. ඒ කියන්නේ මගේ නම් මගේ විතරයි. වෙන අය දිහා බලන්න බැහැ. මම නැතුව කොහෙවත් යන්න බැහැ. මම ආදරයෙදි හරිම open කෙනෙක් මම කෙලින්ම එයාට කියනවා ඔයා මෙහෙම කළොත් මට සැකයි මම රණ්ඩු කරයි. ඒක නිසා කරන්න එපා කියලා.
විරහව ගැන කියනවා නම් එක එක අවස්ථාවලදී දේවල් වෙලා තියෙනවා. ඒත් එක්ක සම්බන්ධතා ඇති වෙනවා නැති වෙනවා. සමහර රිලේෂන්ෂිප් තියෙනවා අදටත් අපිට මතක් වෙද්දිත් හිතෙනවා මොකක්ද මේ කරගත්තේ කියන එක. වැරදුනාට පස්සේ තමයි ඉතින් තේරෙන්නේ.
මම නොසෑහෙන්න අඬලා තියෙන කෙනෙක්. ඒත් මට දැන් ඇඬුවට කඳුලු එන්නෙත් නෑ ඒ තරමට මම අඬලා තියෙනවා. ඒත් දැන් මට සතුටක් තියෙනවා ඒක එතනින් ඉවර වෙලා මට ආයෙ ෆීල්ඩ් එකට එන්න හම්බවුණ එක ගැන. ආයෙත් මට මගේ පාත් එකක් හදාගන්න පුළුවන් වුණා.
අතීතයට ගිහිල්ලා දෙයක් වෙනස් කරන්න හම්බ වුණොත් සම්බන්ධතා නිසා මම හැමදේම අතෑරලා දාපු මෝඩ වැඩේ මම ආයෙ කරන්නේ නැහැ. මම අදටත් පසු තැවෙනවා මම මගේ පීක් එක මගේම වැරදි නිසා නැති කරගත්තු එක ගැන.”
2026 ජූලි 25, පෙ.ව. 12:10
2026 ජූලි 24, පෙ.ව. 12:17
2026 ජූලි 23, පෙ.ව. 12:11
2026 ජූලි 22, පෙ.ව. 11:49
2026 ජූලි 22, පෙ.ව. 12:20