hit counter

2026 අගෝස්‍තු මස 03 වන සඳුදා

2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:25



පාකිස්ථානය සමග T 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.

ඒ දෙවන T 20 තරගය ද කඩුලු 6කින් ජය ගෙනයි.

දඹුල්ලේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 178ක් ලබා තරගය කඩුලු 6කින් ජය ගත්තා.

මංගල T 20 තරගයට ක්‍රීඩා කළ සංජනා කාවින්දි ලකුණු 46ක් සහ නායිකා චමරි අතපත්තු ලකුණු 40ක් ලබා ගත්තේය.