hit counter

2026 අගෝස්‍තු මස 23 වන ඉරිදා

2026 අගෝස්‍තු 07, පෙ.ව. 10:32



පාර්ලිමේන්තු මන්ත්‍රී මාසික වැටුප රු. 60 000කින් මේ මස සිට වැඩිකර ඇතැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන් පවසයි.

ඒ් අනුව තමන්ට මේ මාසය සඳහා 484 000ක වැටුපක් තමන්ට හිමිව ඇති බවද ඊට අදාළ වැටුප් පත්‍රිකාව සභාවට ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට මන්ත්‍රී වැටුප රු.60 000කින් වැඩි කළ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ පඩි සහ අහිංසක ත්‍රිරෝද රථ රියදුරාගේ ආදායම වැඩි කළේ දැයි අර්චුනා රාමනාදන් ප්‍රශ්න කරයි.

තමන් තව මාසයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවත් තමන්ට දඬුවම් දීමේ බලයක් තිබිණි නම් ඉදිරිපෙළ ආසනවල සිටින වංචාකාරයන් මේ රටින් අතුගා දමන බවද හෙතෙම අවධාරණය කරයි.

ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් අර්චුන රාමනාදන් මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: