hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:19



දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් මේ ආකාරයෙන්ම පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එළඹෙන අගෝස්තු 15 වැනිදායින් පසුව එම වැසි තත්ත්වයේ ක්‍රමවේදී අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර, දැනට දිවයිනට බලපෑම් එල්ල කරමින් පවතින ‘එල් නිනෝ’කාලගුණික තත්ත්වය ඉදිරි කාලයේදීත් සක්‍රීයව පවතිමින් ලබන වසරේ ඊසානදිග මෝසම් කාලසීමාව දක්වාම බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල දැඩි වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට එල්ල වන පාරිසරික සහ ජල අර්බුදකාරී බලපෑම තවදුරටත් ඉහළ යාමට වැඩි ඉඩකඩක් පවතී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: