hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:21



ඉදිරි මාස දෙකක කාලය තුළදීත් දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වියළි කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම සුළඟේ වේගය අඩුවීමත් සමඟ සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශ රැසක් සිඳී යාම නිසා ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම ගොවිතැන් කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

දිස්ත්‍රික්ක කිහිපයකටම බලපා ඇති මෙම වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල පරිසරයේ අධික උණුසුම් ස්වභාවයක් වාර්තා වේ.

එමෙන්ම යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් වැනි ප්‍රදේශවල අද උදෑසන 6 වන විටත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 ද ඉක්මවා ගිය ඉහළ අගයක පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: