2026 අගෝස්තු 13, ප.ව. 4:10
නෙළුව ජාතික පාසලේ 2002 අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ 2005 අ.පො.ස. උසස් පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායම් එකමුතුව සංවිධානය කළ ගුරු උපහාර උළෙල, අගෝස්තු පළමුවනදා නෙළුව – සුදුවැල්ලෑව චනෝරා උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අතීතයේ තමන්ට අකුරු කළ ආදරණීය ගුරුවරුන්ට උපහාර පිදීම අරමුණු කරගනිමින් පැවැත්වුණු මෙම අවස්ථාව සංගීත, නර්තන අංග මෙන්ම අතීත මතකයන් ආවර්ජනය කිරීම්වලින්ද වර්ණවත් විය.
ගුරුවරුන් සහ ආදි ශිෂ්‍යයන් අතර පැවති නොබිඳෙන බැඳීම යළිත් තහවුරු කළ මෙම හමුදාව, සියල්ලන්ගේම හදවත් සෙනෙහෙසින් හා ගෞරවයෙන් පුරවාලූ ඉතා ආදරණීය මොහොතක් බවට පත් විය.


2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:14