hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2026 අගෝස්‍තු 24, පෙ.ව. 10:41



මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා කථා­නා­යක ධුරය දැරූ නව වැනි පාර්ලි­මේ­න්තුවේ 2023 සහ 2024 අව­සන් වර්ෂ දෙකේදී අසී­මා­න්තික ලෙස ඉන්ධන භාවිත කර ඇතැයි ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ විශේෂ විග­ණන වාර්තා­වක දැක්වේ.

එම වර්ෂ දෙක තුළ කථා­නා­ය­ක­ව­රයා විසින් සාමා­න්‍ය­යෙන් මාසි­කව පිළි­වෙ­ළින් ඉන්ධන ලීටර් 3,994ක් හා 6,122ක් භාවිත කර ඇති බවත් මෙම ලීටර් ප්‍රමා­ණයේ වර්ධ­නය 2022 වර්ෂ­යට සාපේ­ක්ෂව පිළි­වෙ­ළින් 66%ක් හා සිය­යට 155%ක ප්‍රශ්න­ගත වර්ධ­න­යක් ලෙස නිරී­ක්ෂ­ණය වී ඇතැ­යිද එම විග­ණන වාර්තාව පෙන්වා දී තිබේ.

ප්‍රශ්න­ගත 2023 වස­රේදී කථා­නා­ය­ක­ව­රයා ඉන්ධන වෙනු­වෙන් වාර්ෂි­කව රුපි­යල් එක් කෝටි අනූ තුන්ලක්ෂ හැත්තෑ තුන් ලක්ෂ අට­සිය හැට හයක්ද, 2024 වර්ෂ­යේදී රුපි­යල් දෙකෝටි හැට ලක්ෂ හත­ළිස් පන් දහස් එක­සිය තුන­කද විය­ද­මක් දරා ඇති බවද එහි දැක්වේ.

එය අනෙ­කුත් වර්ෂ­යන් හා සැස­ඳී­මේදී සැල­කිය යුතු ප්‍රමා­ණ­යක වැඩි වීමක් බවත් විග­ණන වාර්තාවේ දැක්වේ.

මෙම විග­ණන වාර්තාව පසු­ගිය අගෝස්තු 18 දා නිකුත් කර ඇත. නව වැනි පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය කථා­නා­ය­ක­ව­ර­යාට නිල වාහන තුනක් සඳහා ලබා දී ඇති ඉන්ධ­න­ව­ලට අම­ත­රව, ඔහුගේ පෞද්ග­ලික මෝටර් රථය සඳහා රුපි­යල් අසු පන් ලක්ෂ හත­ළිස් පන්ද­හස් තිස් දෙකක් වටිනා ඉන්ධන ලීටර් 21,299 ක් ලබා­ගෙන ඇති බවද විග­ණ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

2024 දී නිල වාහන 2 ක් සඳහා ද නිය­මිත ප්‍රමා­ණ­යට වඩා ඉන්ධන ලීටර් 1,515 ක් ලබා­ගෙන ඇති බව නිරී­ක්ෂ­ණය වී ඇත.

ඒකා­බද්ධ අර­මු­ද­ලට වැය බරක් වන පාර්ලි­මේ­න්තුව නිශ්චය කළ යුතු පාර්ලි­මේන්තු මහ ලේකම්ගේ වැටුප සදහා 2004 වර්ෂ­යෙන් පසුව පාර්ලි­මේ­න්තු­වෙහි අනු­මැ­තිය ලබා­ගෙන නොමැති අතර අනෙ­කුත් දීමනා සහ වේත­න­යන් ලබා­දී­මේදී 2004 නොවැ­ම්බර් 30 දිනැති හැන්සාඩ් වාර්තාවේ සද­හන් පරිදි මහ­ලේ­ක­ම්ව­ර­යාගේ දීමනා ආය­තන සංග්‍ර­හ­යට අනුව සහ රාජ්‍ය පරි­පා­ලන චක්‍රෙල්ඛ අනුව අනෙ­කුත් රාජ්‍ය නිල­ධා­රීන්ට හිමි ප්‍රමා­ණ­ය­න්ගෙන් ලබා­දිය යුතු බව දක්වා තිබුණ ද ඒ අනුව කට­යුතු කර නොමැති බවද විග­ණ­න­යට නිරි­ක්ෂ­ණය වි ඇත.

2022 සහ 2024 අතර කාලය තුළ පාර්ලි­මේන්තු මහ­ලේ­ක­ම්ව­රයා රුපි­යල් 6,071,690 ක් වටිනා ඉන්ධන ලීටර් 15,063 ක් භාවිතා කර ඇති බව නිරී­ක්ෂ­ණය වූ බව විග­ණන වාර්තාවේ දක්වා ඇති අතර එම ඉන්ධන ලීට­රයේ වාර්ෂික සාමා­න්‍යය ලීටර් 5,021 කි. එය දැනට රාජ්‍ය සේවයේ ඉහ­ළම ඉන්ධන පරි­භෝ­ජ­න­යක් ඇති අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය සලකා බලන විට ලීටර් 2,300 ක් පමණ අති­රි­ක්ත­යක් බව එහි දැක්වේ.

මහ ලේක­ම්ව­ර­යාට ඉන්ධන සීමා­ර­හිත ලෙස නිකුත් කර තිබුණු අතර 09 වන පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ­ලේ­කම්, සහ­කාර මහ ලේකම් හා අනෙ­කුත් දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන් සදහා රාජ­කාරි ගමන් සදහා සීමා රහිත ලෙස ඉන්ධන භාවි­ත­ය­ටත් පෞද්ග­ලික ගමන් සදහා කිලෝ­මීර් 1200ක් හා 960ක් දක්වා ඉන්ධන සැප­යී­ම­ටත් කට­යුතු කර ඇත.

මෙම නිල­ධා­රීන්ට මෙන්ම පාර්ලි­මේ­න්තු­වෙහි සේවය කරනු ලබන අනෙ­කුත් නිල­ධා­රීන්ට ද පාර්ලි­මේ­න්තුව ශ්‍රි ජය­ව­ර්ධ­න­පුර ස්ථාපිත කරන ලද කාල­ප­රි­ච්ඡේ­දයේ සිටම විවිධ තත්ත්ව­යන් යටතේ රාජ­කා­රිය සදහා නි‍ෙවසේ සිට පැමි­ණී­මට සහ ආපසු ගමන් කිරීම සදහා කිසිදු අය­කි­රී­ම­කින් තොරව අනෙ­කුත් රජයේ නිල­ධා­රීන්ට නොමැති ප්‍රති­ලා­භ­යක් ලෙස වාර්ෂි­කව සැල­කිය යුතු විය­ද­මක් දර­මින් සහ­සු­කම් සල­සනු ලබන බවද විග­ණ­නය සද­හන් කරයි.

ඒ අනුව ලිඛිත ගිවි­සු­ම­කින් තොරව, ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ බස් රථ නව­යක්, පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩ­ලය ඔවුන්ගේ නිවෙ­ස්වල සිට පාර්ලි­මේ­න්තු­වට නොමිලේ ප්‍රවා­හ­නය කිරීම සඳහා ගම­නාන්ත 09ක් සඳහා යොදා­ගෙන තිබුණි. 2016 සිට 2024 දක්වා රජ­යට රුපි­යල් 335,663,253 ක විය­ද­මක් දරා ඇති බවත්, 2023 සහ 2024 වස­ර­වල වාර්ෂික සාමා­න්‍යය රුපි­යල් මිලි­යන 60 ක් පමණ වන බවත් නිරී­ක්ෂ­ණය විය. ඊට අම­ත­රව, 2021 ජුනි සිට 2024 දක්වා එම බස් රථ 09 හි රිය­දු­රන් සහ සහා­ය­ක­යින්ගේ විය­දම් සඳහා රුපි­යල් 5,887,210 ක් වැය වී ඇති බවත් නිරී­ක්ෂ­ණය විය. රජයේ අය­වැය කාර්යයේ දි නිශ්චිත කාර්යය ඒක­ක­යක් හඳු­නා­ගෙන ඇති ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තු­වෙහි රාජ්‍ය මූල්‍ය කළ­ම­ණා­ක­ර­ණය කිරීම හා සේවක කළ­ම­නා­ක­ර­ණය වැනි කාරනා සම්බ­න්ධ­යෙන් කාර්ය මණ්ඩල උප­දේ­ශක කාරක සභාව විසින් තීරණ ගැනී­මේදී ඒ සම්බ­න්ධ­යෙන් අදාල ආය­තන විසින් වරින් වර හදුන්වා දෙනු ලබන නිති­රිති, රෙගු­ලා­සින් පාර්ලි­මේ­න්තු­වට අදාල පරිදි ක්‍රියා­තේ­මක කිරී­මත් වර්ෂ 70ට පමණ පෙර හදුන්වා දී ඇති 1953 අංක 09 දරන පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩල පනත සංශෝ­ධ­නය කිරී­මට පිය­වර ගැනීම හෝ එම පනත අව­ලංගු කර අනෙ­කුත් අය­වැය අස්ථි­ත්ව­යන් මෙන් පව­ත්නවා නීතී­රිති වලට යටත්ව පාර්ලි­මේ­න්තු­වෙහි මුල්‍ය පාල­නය හා සේවක කළ­ම­ණා­ක­ර­ණය කිරී­මට පිය­වර ගැනීමේ අව­ශ්‍ය­තා­ව­යට ද ඇතු­ළත්ව නිර්දේශ කිහි­ප­යක් මෙම වාර්තා­වෙන් නිර්දේශ කර තිබේ.

08 වන හා 09 වන පාර්ලි­මේ­න්තු­වල කථා­නා­යක, නියෝජ්‍ය කථා­නා­යක, නියෝජ්‍ය කාරක සභා සභා­පති සහ මහ­ ලේ­කම් ධූරය වැනි තන­තුරු දැරූ දේශ­පා­ල­න­ඥ­යන් සහ නිල­ධා­රීන් සීමා රහි­තව ඉන්ධන භාවිතා කර ඇතැයි ද එම විග­ණන වාර්තාවේ දක්වා තිබේ.

එම තන­තු­රු­ව­ලට ඉන්ධන සීමා පනවා නොති­බීම හේතු­වෙන් එම කාල සීමාව තුළ එම තන­තුරු දැරූවෝ සීමාරහි­තව ඉන්ධන භාවිතා කර ඇති බව එම විග­ණන වාර්තාව පෙන්වා දෙයි.

08 වන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක ලෙස කරු ජය­සූ­රිය, නියෝජ්‍ය කතා­නා­යක සහ කාරක සභා­පති ලෙස තිලංග සුම­ති­පාල, ආනන්ද කුමා­ර­සිරි, නියෝජ්‍ය කාරක සභා සභා­පති ලෙස සෙල්වම් අඩෛ­ක්ක­ල­නා­දන් සහ පාර්ලි­මේන්තු මහ ‍ලේකම් ලෙස ධම්මික දස­නා­යක මහ­ත්වරු කට­යුතු කර ඇත.

09 වන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක ලෙස මහින්ද යාපා අබේ­ව­ර්ධන , නියෝජ්‍ය කථා­නා­යක සහ කාරක සභා­ස­භා­පති ලෙස රංජිත් සිය­ඹ­ලා­පි­ටිය, අජිත් රාජ­පක්ෂ ,නියෝජ්‍ය කාරක සභා සභා­පති අංග­ජන් රාම­නා­දන් සහ පාර්ලි­මේන්තු මහ ලේකම් ලෙස ධම්මික දස­නා­යක සහ කුෂාණි රෝහ­ණ­ධීර මහත්ම මහ­ත්මීන් කට­යුතු කර තිබේ.

මෙකල නියෝජ්‍ය කථා­නා­යක ධුරය කැබි­නට් නොවන අමාත්‍ය ධුර­ය­කට සමාන කර­මින් හා නියෝජ්‍ය කාරක සභා­ස­භා­පති ධූරය නියෝජ්‍ය කථා­නා­යක ධුර­යට පහළ තන­තු­රක් ලෙස හදු­න­ගෙන එප­රිදි කට­යුතු කිරී­මට අනු­මැ­තිය ලබාදි තිබි­ය­දීත් එම තන­තුරු සදහා ද සීමා රහිත ලෙස ඉන්ධන නිකුත් කර ඇති බවද එම විග­ණන වාර්තාවේ දැක්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: