hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24



මෙරට ජනතාව වෙනුවෙන් රජය භාරගත් වගකීම කුමන බාධක මධ්‍යයේ වුවද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට ගොඩනැගීම වෙනුවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ පසුගිය 8 වනදා ආරම්භ කළ ‘අත්තම’ වැනි වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක බවත්, විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් සියයට 25ක් වන දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන හරහා වේගවත් පියවර ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.

මතට එරෙහි ජාතික ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ දේශපාලනඥයන්ට තිබූ සබඳතා වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම කපා හැර ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

ගල් අඟුරු ගනුදෙනු හෝ වෙනත් මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඒ මහතා, රජයේ කිසිදු සාමාජිකයෙකු එවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නොමැති බවට සහතික විය.

රජයේ අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් ඒවා නිහතමානීව පිළිගෙන නිවැරදි කර ගැනීමට සූදානම් බවත්, දූෂණයට එරෙහිව රජය ගෙන යන සටන කිසිසේත් නතර නොකරන බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: