hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23



මහ බැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන සිංගප්පූරු පුරවැසියෙකු ලෙස පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධව නීතිමය බාධාවක් පවතින බවත් සිංගප්පූරුවේ නීතිය අනුව එරට පුරවැසියෙක් ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

කෙසේ වෙතත් එවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු විවිධ උපක්‍රම පවතින බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

දවස රූපවාහිනී වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

දැනට නීතිමය බාධාවක් තියෙනවා. ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට පෙර හිටියට දැනට ඔහු නම වෙනස් කරගෙන සිංගප්පූරු පුරවැසියෙක් හැටියට ඉන්නේ. ඒ රටේ නීතිය අනුව ඔහු අපට ගන්න හැකියාවක් නෑ.

නමුත් මෙවැනි අවස්තාවලදී අනුගමනය කළ යුතු ක්‍රම තියෙනවා. ඉතින් ඒ සඳහා අපි යම් යම් ක්‍රියාමාර්ගයක අරන් තියෙනවා. අපිට නිශ්චිතවම කියන්න හැකියාවක් නෑ. නමුත් නඩුව ඉස්සරහට යනවා. ඒ බැදුම්කර නඩුව හරහා යම් යම් කාරණා ප්‍රමාණයක් හෙළිවෙලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: