2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.
මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.
ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.
කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.
කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..
ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.
ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.
අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.
ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.
ඉතින් පසුගියදා ඇය විවාහ වුණ බව ඔබ සියලුදෙනාම දන්නවනේ.
මේ කියන්න යන්නේ ඇය තබා තිබූ ෆේස්බුක් සටහනක් ගැන.
ATTENTION FAKE NEWS!
ඉවසං ඉන්නවා හැමදාම මොන මගුල දැම්මත්.. හැබැයි මේ වගේ බොරු කතා පතුරුවන එක ගැන නම් ඉවසන්නේ නෑ…
ඇත්තටම අත පය තියෙනවා නම්, මෙච්චර කතා හොඳට ගොතලා බොරු දේවල් කියන්න, කරන්න, හදන්න වෙලාවක් තියෙනවා නං අනුන්ගේ ජීවිත ගැන බොරු නොදා තමන්ට වැඩක් වෙන දෙයක් කරගන්න උත්සහ කරන්න බැරි ද?
තව මනුස්සයෙක් ගෙ ජීවිතේ ගැන බොරු ගොතලා මොකක් ද ඒ ලැබෙන අමුතු ලල් එක?
මීට ටික කාලෙකට කලින් මම මහණ වෙලා කිව්වා, මම කෝටිපති ව්‍යාපාරකයෙක් එක්ක යාලූයි කිව්වා, මම බැන්ඳට පස්සේ මාසෙකින් divorce කිව්වා, මෑතකදී මම pregnant කියලා, දවස් කීපයකින් මගෙ ළමයා නැති වෙලා කිව්වා…
මෙවැනි නොයෙක් කටකතා පැතිරුණා. හැබැයි සමහර දේවල් ඉවසන්න අමාරුයි.
මං ගැන ඕන මගුලක් දාගන්න, මට ඒක ඉවසන්න පුලුවන්. හැබැයි මෙවැනි දරුණු කටකතා මම ඉවසන්නේ නෑ!
මේ රටේ ලෝකේ වෙන දේවල් අප්පිරියයි… සමහර මිනිස්සුන් ගෙ හිත්වල තියෙන එවා අප්ප්‍රසන්ණයි! මනුස්සකං ඉහලින් තියෙන රටක් කිව්වාට කෝ? මනුස්සයෙක් ව රිද්දලා, ඔවුන් ව අසරණ කරලා දාන එක ද මනුස්සකම?
මගේ මම්මා (අම්මා ගෙ අම්මා) ගැන කියන කතාවක වීඩියෝවක් edit කරලා මේ video එකේ ඇතුලත් කරලා තියෙන්නේ…
මේවා බලන බොහෝ දෙනාගෙන් කාරුණිකව ඉල්ලන්න තියෙන්නේ… ඔයාලා social media වල දකින හැමදේම විශ්වාස කරන්න එපා, අපි අපේ කටින් media වල දෙයක් කිව්වොත් ඇරෙන්න.
අපි හැමදාටම ජීවත් වෙන මිනිස්සු නෙමේ දෙයියනේ! මේ ඉන්න ටික කාලෙ වත් මනුස්සයෙක් ට සැනසීමෙන් ජීවත් වෙන්න දෙන්න තාමන් ගෙ පාඩුවේ අනෙකා රිද්දන්න වැඩ නොකර!
-කවී-
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26