2026 අගෝස්තු 31, පෙ.ව. 12:07
ශ්‍රී ලංකාවේ පැජන්ට් ක්ෂේත්රය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට නම්, වෘත්තීයභාවය, සාධාරණත්වය සහ ක්ෂේත්රයේ අත්දැකීම් ඇති වෘත්තිකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ජනප්‍රිය නිරූපණ හා රංගන ශිල්පී සුරාජ් මාපා පවසයි.
මෑතකදී ශ්‍රී ලංකාවේ පැජන්ට් ක්ෂේත්රය සම්බන්ධයෙන් ඇති වූ ඇතැම් සිදුවීම්ද සැලකිල්ලට ගනිමින්, Universal Woman Sri Lanka 2026 තරගාවලියේදී චූල්පද්මේන්ද්ර කුමාරපතිරණ සමඟ එක්වීමට තීරණය කළ බව සුරාජ් පවසයි.
“මෑතකදී ලංකාවේ පැජන්ට් ක්ෂේත්රයේ සිදුවූ දේවල් දැකලා… චූලා එක්ක මේ ගමනට එකතු වෙන්න මම තීරණය කළා,” යැයි සුරාජ් සඳහන් කළේය.
1999 වසරේ සිටම පැජන්ට් ක්ෂේත්රය සමඟ සම්බන්ධ වී සිටින බව පවසන සුරාජ්, මෙවැනි ජාතික මට්ටමේ වේදිකා ඉදිරියට ගෙන යාමේදී ක්ෂේත්රයේ අත්දැකීම් ඇති වෘත්තිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදිය යුතු බව අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වේදිකාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කරන පුද්ගලයා තම ක්ෂේත්රයේ සැබෑ වෘත්තිකයෙකු වීම වැදගත් බවයි.
“ක්‍රීඩාවකදී ජාත්‍යන්තර තරගයකට යන්නේ රටේ හොඳම ක්‍රීඩකයා. ඒ වගේම Fashion Industry එකෙනුත් රට නියෝජනය කරන කෙනා Professional කෙනෙක් වෙන්න ඕනේ. එයාට ඒ ක්ෂේත්රයේ ජයග්‍රහණ තිබිය යුතුයි,” ඔහු පැවසීය.
සුරාජ්ගේ අදහස අනුව, පැජන්ට් ක්ෂේත්රය වර්ධනය කිරීම යනු කිරුළක් පිරිනැමීමෙන් පමණක් අවසන් නොවන ක්‍රියාවලියකි.
ජයග්රාහකයාට ඉදිරියට යා හැකි මාර්ගයක්, අවශ්‍ය පුහුණුව, අත්දැකීම් සහ නිසි මඟපෙන්වීම ලබාදීමද එහි කොටසක් විය යුතු බව ඔහු පවසයි.
“කෙනෙක් තරගයක් දිනලා ටික කාලයක් ක්ෂේත්රයේ ඉඳලා නැතිවෙලා යනවා නම්, ඒකෙන් Industry එකක් හැදෙන්නේ නැහැ. දක්ෂ කෙනෙකුට ඉගෙන ගන්න, Groom වෙන්න සහ මේ ක්ෂේත්රයේ රැඳී සිටින්න හැකියාව ලබාදෙන්න ඕනේ,” සුරාජ් සඳහන් කළේය.
විශේෂයෙන්ම විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් මෙවර Universal Woman Sri Lanka 2026 සඳහා එක්ව සිටීමද ඔහුගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
නීතිඥයන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රැසක් මෙම වේදිකාවට එක්වීම තුළින්, තම වෘත්තීය ජීවිතය සමඟ මෙතෙක් අත්හැරී තිබූ වෙනත් හැකියාවන් සහ අත්දැකීම් නැවත සොයාගැනීමටද ඔවුන්ට අවස්ථාවක් ලැබෙන බව සුරාජ් පවසයි.
එමෙන්ම පැජන්ට් ක්ෂේත්රයේ පමණක් නොව, රංගනය, සංගීතය සහ අනෙකුත් නිර්මාණාත්මක ක්ෂේත්රවලද Professionalism සහ Fair Play සංස්කෘතියක් ගොඩනැගීම අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.
“අපි ප්රේක්ෂකයන්ටත් මිනිස්සුන්ටත් ‘Professional’ කියන වචනයේ සැබෑ වටිනාකම තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ වෘත්තිකයාට ලැබිය යුතු Respect එක ලබාදෙන්න ඕනේ. එහෙම නැත්නම් කිසිම Industry එකක් දිගටම හැදෙන්නේ නැහැ,” ඔහු පැවසීය.
Universal Woman Sri Lanka 2026 සම්බන්ධයෙන් තමන් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් පිරිසක් චූලාට සහය දක්වන්නේද මෙම අරමුණින් බව සුරාජ් පවසයි.
ඔහුට අනුව, අරමුණ තරගයක් පවත්වා ජයග්‍රාහකයෙකු තෝරා ගැනීම පමණක් නොව, එම ජයග්රාහකයාට ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවශ්‍ය වෘත්තීය පසුබිමද සකස් කර දීමයි.
අවසානයේ සුරාජ් අවධාරණය කරන්නේ, පැජන්ට් ක්ෂේත්රයේ අනාගතය තීරණය වන්නේ කිරුළට වඩා එය පිරිනමන ක්‍රමවේදය සහ ඉන් පසුව ජයග්‍රාහකයා වෙනුවෙන් විවෘත වන මාර්ගය මත බවයි.
“කිරුළ දිනන එක විතරක් ප්‍රමාණවත් නැහැ. සුදුසු කෙනාට සුදුසු තැන ලැබෙන්න ඕනේ. කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවී, මුල ඉඳන්ම මේක Professional විදිහට හදන්න ඕනේ. ඒක තමයි මම චූලා එක්ක මේ ගමනට එකතු වුණ ප්‍රධාන හේතුව.” –
2026 අගෝස්තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26