hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2026 අගෝස්‍තු 31, ප.ව. 10:47



ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ සැක කටයුතු ලෙස, නිවසක මියගොස් සිටි බව පිළියන්දල පොලිසිය පවසනවා.

ඇය මියගොස් ඇත්තේ, පිළියන්දල වෑවල ගංගාරාම පාරේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් තුළදී බවයි වාර්තා වන්නේ.

පෙරදින රාත්‍රියේ පැවති, ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය ව්‍යාපාරිකයා සමග අද (31) අලුයම එම නිවසට පැමිණ ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරිකයා විසින් ඇයව අවදි කිරීමට උත්සාහ දරා ඇති අතර එයට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන්, 1990 සුව සැරිය අමතා දැනුම් දීමක් සිදුකර ඇත. අනතුරුව ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ සිදුකළ පරික්ෂාවේදී ඇය මියගොස් ඇති බවට ව්‍යාපාරිකයා වෙත දැනුම් දී තිබේ.

පසුව ව්‍යාපාරිකයා විසින් ඒ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

මරණය සම්බන්ධයෙන්, පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: