hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 31, ප.ව. 5:03



ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව වාර්තා වුණා.

කෙසේවෙතත් ඔහු වෙනුවෙන් දිගින් දිගටම යාඥා කිරීම්, ආගමික වතාවත් බොහෝ අවස්ථාවන් හිදී පවුලේ අය මෙන්ම ඔහුට ආදරය කරන අය විසින් සිදු කරනු ලැබුවා.

මෙවන් පසුබිමක මීට සුළු මොහොතකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට වූ පුවතක් සීග්‍රයෙන් ප්‍රචාර වීමට පටන් ගත්තා.

එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඇන්තනී මහතාගේ දියණිය සහ පුතුන් දෙදෙනා පවසා සිටියා.