hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:13



පුංචි තිරයේ අපිට හමුවෙන ආදරණීය රංගන ශිල්පිනියන් දෙදෙනෙක් වෙන නයනා කුමාරි සහ ගයාත්‍රි ඩයස් කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න හරිම ළඟම යාළුවෝ දෙන්නෙක්. පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනකට එකතු වුණු මේ දෙන්නා, එයාගේ අවුරුදු ගාණක යාළුකම ගැන හරිම ලස්සන කතාවක් කියලා තිබුණා.

තමන්ගේ යාළුකම මේ තරම් කාලයක් රැඳිලා තියෙන රහස ගැන නයනා කිව්වේ මේ වගේ කතාවක්.

“අපි දෙන්නා එදා ඉඳන්ම අපි දෙන්නට දෙන්නා දුකේදී, සැපේදී, සතුටට අඬන්නද, කියන්නද හැමදේටම එකට හිටියා. යාළුවෙක් කියන්නේ හරිම වටින කෙනෙක්. ගොඩක් වෙලාවට සමාජයේ දකින්නේ සතුටු වෙන වෙලාවට විතරක් එකතු වෙන අයනේ. ඒත් ගයාත්‍රි මායි එහෙම නැහැ. අපි දෙන්නා වඩාත්ම ලං වෙන්නේ දුකේදී. ඒ නිසයි අපේ යාළුකම තවමත් මෙහෙම තියෙන්නේ.”

ඒ වගේම එයාලගේ යාළුකම අස්සට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැත්තේ ඇයි කියලා ගයාත්‍රි හරිම සරලව මෙහෙම කිව්වා.

“අපිට අනුන්ගේ දේවල් වැඩක් නැහැ. ඒ හින්දා අපි අපේ දෙයක් බලාගෙන ඉන්න හින්දද කොහෙද අපිට කිසි ප්‍රශ්නයක් නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: