2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව, තෝරාගත් පාසල් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වීම වැළැක්වීමේ අරමුණින්.
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා ප්‍රකාශ කළේ එහි සමාරම්භක වැඩසටහන ඔක්තෝබර් 16 වැනි දින කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි විජයබා විද්‍යාලයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි.
ඔහු මේ බව සඳහන් කළේ “රටම එකට” ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව මත්ද්‍රව්‍ය තර්ජනය බහුල ප්‍රදේශවල පාසල් හඳුනාගෙන, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන ලෙස විශේෂ නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එබැවින් අවදානම් පාසල් සහ එම පාසල්වල අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් සඳහා විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්. මෙම වැඩසටහන තාක්ෂණය මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කරයි.
එසේම මහේෂ් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අධ්‍යාපන පද්ධතිය තුළින්ම මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමටත්, නිවැරදි තීරණ ගැනීමටත් හැකි සවිබල ගැන්වුණු දරුවෙකු බිහි කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවයි.
ඒ අනුව “ජීවිතයට හා කියන්න – මත්ද්‍රව්‍යට බැහැ කියන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනින් පූර්ණ පෞරුෂයකින් යුතු, මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන දරුවෙකු බිහි කිරීම අපේක්ෂා කරයි.
එසේම පාසල් දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ආකල්ප සංවර්ධන වැඩසටහන්, දෙමාපිය දැනුවත් කිරීම් සහ දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇතුළත්.
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:13
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26