2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:11
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ප්රශ්නගත එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරගත කළද, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිලා සියලු දෙනා එළියේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ ගමින් ගමට ගොස් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කළ බවත් එනිසා ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වෙන රැළියට ජන සුනාමියක් පැමිණෙන බවද හිටපු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
එනිසා එකා පිට එකා බන්ධනාගාරගත කළත් අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත ජන රැළිය නවත්වන්නට නොහැකි බවත් එය කිසිම අවස්තාවක නවත්වන්නේ නැති බවත් තමන් අනුරාධපුර දිස්ත්රික්ක නායකයා බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:07
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26