2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
ජනප්‍රිය රංගන ශිල්පිනී හිමාලි සයුරංගි මහත්මිය “නටත් අයෙක් සුරාමතින්” ටෙලිනාට්‍යයේ ‘නන්දි’ ගේ චරිතය වෙනුවෙන් විඳි අතිශය දුෂ්කර අත්දැකීම සහ කළ කැපකිරීම පිළිබඳ සංවේදී ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
එම සම්පුර්ණ සටහන පහතින්,
“මම නන්දි වෙනුවෙන් කල විශාල කැප කිරීමක් ගැන කියන්න හිතුණා ..මට පොඩි කාලෙ ඉදලම පුස් බයිසිකල්යක් වත් පදින්න බෑ..වැටෙයි කියලා බයයි..නාට්ටි කීපයක්ම නැති කරගෙනත් තියනවා බැරි කම නිසා..මේකට කතා කලාම මට හිතුනා බය පැත්තකින් තියල මේක කරනවමයි කියලා..රොෂාන් නාට්ටිය ගැන කතා කරන්න ආවා..නන්දි ගැන පැහදිලි කලා..බයිසිකල් පදින්න පුලුවන්ද ඇහුවා..මම කිව්වා කොහොම හරි ඉගන ගන්නම් කියලා..
පහුදාම මහේ උදව්වට නිතරම එන නිශාන්ත සගයා මෙන්න සුදු පාට ස්කූටියකුත් හොයන් ආවා..පෝඩ්ඩක් විතර වැඩේ හුරු වුණා..පහුවදාත් ගියා මිලේනියම් සිටී එක පැත්තේ පුරුදු වෙන්න..නිශාන්ත මලයා පිටි පස්සෙ ඉදන් උපදෙස් දෙනවා..මහේ හෙල්මට් එක බුරුල් වෙලා මගෙ ඇස් දෙක වැහුණා..තනි අතින් පදින ගමන් මම ඒක හදන්න ගියා විතරයි මට මතක..ාඇය යන්න ගියා මැකිලා මම කෙලින්ම වේගයෙන් ඉස්සරහට යනවා..මට පාලනය කරන්න බෑ..මහ පාරේ වාහන මගෙ මූනට එනවා වගේ පේන නිසා මම පාරේ තිබබ ලයිට් කණුවකට වම් කකුල වේගයෙන් ගැහුවා..බයික් එක එකක්ම අපි වැටුණා..මට නැගිට ගන්න බෑ .සපත්තුව පැලිලා කෑලි ගිහින් තිබුනා ..මාව ජාතික රෝහලට ඇතුලත් කලා..කකුල යටින් දෙකට පැලිලා..අස්ථි කුඩු වෙලා..පැය පහක සැත්කමකින් පයු මගේ කකුල බේර ගන්න පුලුවන් වුනා..නාට්ටියත් නැවතුනා..මට බයිසිකලයක් දැක්කම පපුව හිර වෙන්න ගත්තා..
මම හිතුවා මම නන්දිගෙ චරිතේ අතහරිනවා කියලා..ඒත් රොෂාන් කිව්වා මම මේ නාට්ටිය කරනවනම් කරන්නෙ ඔයා එක්ක විතරයි කියලා.. ආයෙත් මට පන ආවා..ජීවිතේ ගොඩක් අබියෝග වලට මූණ දුන්න මට ඇයි මේකෙන් මම පැනලා දුවන්නෙ කියල මම මාස ගානක් කිහිලිකරු වලින් ඇවිදලා..තවත් මාස ගානක් නොන්ඩි කකුලෙන් ඇවිදලා තෙල් සාත්තු කරල ඇවිදින්න පටන් ගත්තා..ආයෙම පුහුණු වීම් පටන් ගත්තා..රොෂාන් මට ඒකට ආරක්ෂිත පුද්ගලයො ලබා දුන්නා..වැඩේ කෝමහරි ගොඩ දැම්මා…අදටත් ලොකු කැලලක් තියනවා..කකුලෙ සයිස් එකත් වෙනස්..mama Malaka Tatoo ekak kala Ethana.ඒත් ඔයාල නාට්ටිය විදින හැටි දැක්කම මහේ අදුරු මතකය නැති වෙලා යනවා..ජීවිතේට එන කුණාටු වලින් මාව රකින්නෙ රසික ඔබයි..හැමදාටම මාව තදින් අල්ලගන්න ..ආදරෙයි”
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:22
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26