2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
අතුල කියන්නෙ අතිශය සරාගී හඬක හිමිකරුවෙක්.
නිවී හැනහිල්ලේ අහන් ඉන්න පුළුවන් විදිහේ ආදරණීය හඬක් ඔහු සන්තකව තිබුණා. ඒ හඬ සමිතාගේ හඬත් එක්ක පෑහෙන්න ගන්නකොට වෙනම රහක් ගෙනාවා.
අදටත් අතුල කියන්නෙ ඩුවට් කරන්නෙ සමිතා එක්ක විතරයි කියලයි.
අතුලගෙත් සමිතාගෙත් වෙන්වීම ගැන නොයෙකුත් විදිහේ කතාන්දර ඒ සමයේ ඇහෙන්න ගත්තා.
ඒ අනුමාන කිරීම් එහෙම් පිටින්ම හරි වුණත්, එක්කෝ වැරදි වුණත් ඉදහිට ප්‍රසංග වේදිකාවක් ඇතුළේ සමීප වෙන ආදරණීය යුවළකට ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලැබුණා.
සමිතාගෙන් පස්සෙ අතුලගේ සිත් ගත්තේ අමායා. ඒ වුණත් ඒ විවාහයටත් වැඩි ආයුෂ තිබුණේ නැහැ.
සමිතාත් දැන් විවාහකයි. අමායාටත් එයාගේ ම වුණු කෙනෙක් ලැබිලා.
අතුල යුටියුබ් නාලිකාවක සාකච්ජාවකට එකතු වෙලා හරි ලස්සන අදහස් දැක්වීමක් කරලා තිබුණා.
“අදටත් අපි, අමායවත් සමිතවත් මමවත් කොහෙවත් එහෙම මරාගෙන නෑනේ.
අපි පොලීසියකට ගිහිල්ලා නෑ, නඩු නෑ, කිසිම දෙයක් නෑනේ.
ඒකත් සාමාන්‍ය විදියට දික්කසාද වුණේ.
අදටත් කවී, ශේන්, සමිතා, ලෝරි, අමායා, අපි පස්දෙනාට එකට කෑම කන්නත් පුළුවන්.
සමහරු හිතනවා හැබැයි මම ගෙවල් දෙකක ඉන්නවා කියලා, එහෙම එකක් නෑ.
මම දැන් ඉන්නේ කඳානේ අමායාගේ ගෙදර. අමායා විවාහ වෙලා ඉන්නේ,
බබාලා දෙන්නෙක් ඉන්නවා. මම මගේ පාඩුවේ ඉන්නවා.
හැබැයි අපි දෙන්නා හොඳ යාළුවෝ. ටිකක් complicated සමහරුන්ට…”
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 11:54
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:24
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26