2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 3:57
අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගියා.
හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 9.15 ට පමණ මෙම කොට්ඨාසය වෙත පැමිණියේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබදීම සඳහායි.
මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග්-27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ලවී ඇති අතර එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.
එම කාලවකවානුව තුළ ගුවන් හමුදාපතිවරයා ලෙස මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක කටයුතු කළා.
එමෙන්ම රුසියාවේ එවකට ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග ද මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු අතර මෙම ගනුදෙනුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7 යි දශම 8 කට ආසන්න මුදලක් අයථා ලෙස වංචා කර ඇති බවටයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබුණේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ අතර, විදේශීය බැංකු ගිණුම් වාර්තාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කැඳවීමටද පියවර ගෙන තිබුණා.
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:02
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 3:17
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 3:08
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:08
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26