2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:19
දෙහිවල ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ මුළු රටම දැඩි සංවේගයට පත් වුණා. ඒ, කිසිවක් නොදන්නා අහිංසක කුඩා දරුවන් දෙදෙනෙකුට සිය අනාගත හීන මඟදී අතහැර ජීවිතයෙන් සමුගැනීමට සිදු වූ නිසාවෙනි.
මේ ඛේදනීය සිදුවීමෙන් පසු, ඒ අහිංසක පොඩ්ඩන් දෙදෙනාගේ අතීත මතකයක් සිහිපත් කරමින් සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබූ හදවත පාරන සටහනක් බොහෝ දෙනෙකුගේ නෙතඟට කඳුළක් නැංවීමට සමත් වුණා.
එම සංවේදී සටහන පහතින්…
“මට ජීවිතේට අමතක වෙන්නේ නැති සිදුවීමක් තියෙනවා මේ පොඩ්ඩෝ දෙන්නත් එක්ක. මේ සිද්ධිය අවුරුදු 6කට විතර කලින් එකක්…
දවසක් මෙයාලගේ තාත්තා (නලින් අයියා) අනුන්ගේ ත්‍රීවීල් එකක් ඉල්ලගෙන තමයි හයර් දුවන්නේ. මම හයර් එකක් යන ගමන් එයා කිව්වා “මල්ලි TV එක කැඩිලා තියෙන්නේ, සල්ලි ටිකක් එකතු කරගෙනම අරන් එන්නම් හදන්න” කියලා.
ටික දවසකට පස්සේ ඒ ගේ ළඟින් යනකොට මම දැක්කා පොඩි දෙන්නා බිම ඉඳගෙන TV එකේ යන කාටූන් අහගෙන ඉන්නවා… TV එකේ රූප නැහැ, හඬ විතරයි… මට මාරම දුකක් දැනුණා. එතකොට දෙන්නම ගොඩක් පොඩියි.
මම ඒ වෙලාවෙම කිව්වා “TV එක එවන්න මම හදලා දෙන්නම්” කියලා. දවසකට පස්සේ TV එක හදලා දුන්නා. පොඩි දෙන්නගේ ඒ තිබ්බ සතුට තාම මතකයි… අනේ මැවිලා පෙනෙනවා ඒ දෙන්නගේ හිනාව…
කුරාකූඹියෙකුටවත් වරදක් නැති අහිංසක තාත්තයි, දරුවෝ දෙන්නයි… උදේ පාන්දර Breaking News එක දැක්ක වෙලේ ඉදන් මාරම දුකක් තියෙන්නේ…
නිවන් සුව ලැබේවා උඹලා දෙන්නට පුතේ…!”
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 11, ප.ව. 4:10
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:16
11-09-26
11-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
21-08-26
21-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26