hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27



අගමැතිනි හරිනි අමරසූරියට දේශපාලනය බලයක් නැති නිසා ඇය 22 වැනි සංශෝධනය ගැන නිහඬව සිටිනවා විය හැකි යයි ජාතික ජන බලවේග විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි. 

පුවත්පතක් සමග සාකච්චාවකදී ඔහු මෙසේ පවසා ඇත. 

“මම ඇය හොඳින් දන්නවා වගේම ඇය කෙරෙහි මගේ ගෞරවයක් තියෙනවා. යහපාලන කාලයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කාරක සභාවේ ඇය මා සමග වැඩ කළා. ඇය ඉතා හොඳින් ඇයට පැවැරුණ කාර්යය කළා.ඇය දේශපාලනයේ හිටපු කෙනෙක් නොවෙයි. ඒ නිසා ඇය පිටුපස දේශපාලන බලයක් නෑ.

දේශපාලනය කරන කෙනකුට යම් ස්ථාවරයක් ගන්න බලයක් තියෙන්න ඕනේ. මම මේ ස්ථාවරයේ ඉන්නෙ මට සම සමාජ පක්ෂයේ බලයක් හා ඔවුන් මා සමග ඉන්න බවට විශ්වාසයක් තිබෙන නිසයි.

අගමැතිනිය 22 ගැන ඇගේ ස්ථාවරය ප්‍රකාශ කර නෑ කියා මම හිතනවා. හදවතට එකඟව යම් දේශපාලන කාරණයක් ගැන කතාකරන්න පුළුවන් වෙන්නෙ බලයක් තමන්ට තිබුණොත් පමණයි.

ඇයට එහෙම බලයක් නැති නිසා හෝ මේ ගැන යමක් ප්‍රකාශ නොකාළ යුතුයැ යි ඇය තීරණය කරගෙන නිහඬව ඉන්නවා වෙන්නත් පුළුවන්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: