hit counter

2026 සැප්‍තැම්‍බර් මස 18 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:00



අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

ඌව පළාතෙත් මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: