hit counter

2026 සැප්‍තැම්‍බර් මස 18 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:22



මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම ප්‍රදේශයේ වගා කර තිබූ අක්කර ගණනක දෙහි වගාවන් රැසක් මෙම වියළි කාලගුණය හේතුවෙන් දැනටමත් විනාශ වී තිබෙන බව සඳහන්.

එමෙන්ම අස්වැන්න නෙලමින් සිටි දෙහි වගාවන්ද මේ වන විට නියඟයට හසු වී විනාශ වෙමින් පවතින බවත් මෙසේ දෙහි වගාවන් විනාශ වීමත් සමඟ ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩිලෙස පීඩාවට පත් වී ඇති බවත් පවසයි.

ඒ අනුව වසර ගණනාවකට පසු වැල්ලවායට බලපෑ දරුණුම නියං කාලගුණයට මේ වන විට වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙමින් සිටින බව සඳහන්. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: