2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:30
අද වන විට ඩිජිටල් ගනුදෙනු වැඩිවීමත් සමඟම ඔන්ලයින් වංචා (Scams) ද වැඩි වෙමින් පවතී. අපගේම නොසැලකිලිමත්කම හේතුවෙන් වංචාකරුවන්ට අපගේ මුදල් සහ ගිණුම් තොරතුරු වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබිය හැකිය.
ඒ නිසා මේ සරල ආරක්ෂක පියවර කිහිපය මතක තබාගන්න
රහස්‍ය තොරතුරු කිසිවිටෙක බෙදාගන්න එපා:
ඔබගේ ATM PIN, Online Banking Password හෝ OTP (One-Time Password) අංකය කිසිම කෙනෙකු සමඟ බෙදාගන්න එපා.
බැංකුවක් හෝ බැංකු නිලධාරියෙකු කිසිවිටෙකත් මේ තොරතුරු ඉල්ලා නොසිටින බව මතක තබාගන්න.
OTP එක රහසක් ලෙස තබාගන්න: ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකය කිසිම කෙනෙකුට දුරකථනයෙන්වත් කියන්න එපා.
එය ඔබගේ ගිණුමේ ආරක්ෂක යතුරක් වැනිය.
කාඩ්පත ඔබේ ඇස් ඉදිරිපිටම භාවිත කරන්න: වෙළඳසැල්, හෝටල් හෝ රෙස්ටුරන්ට්වල ගෙවීම් කිරීමේදී ඔබගේ කාඩ්පත වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඉඩ නොදෙන්න. මෙය Card Skimming වැනි වංචාවලින් ආරක්ෂා වීමට උපකාරී වේ.
CVV අංකය රහසිගතව තබාගන්න: ඔබගේ කාඩ්පතේ පිටුපස ඇති ඉලක්කම් 3ක CVV අංකය කිසිම කෙනෙකු සමඟ බෙදාගන්න එපා. SMS/Transaction Alerts සක්‍රීය කරගන්න: ඔබගේ ගිණුමෙන් මුදල් බැහැර වූ විට ක්ෂණිකව දැනගැනීමට SMS හෝ Transaction Alerts ක්‍රියාත්මක කර තබාගන්න.
මතක තබාගන්න! ඔබගේ මුදල් සහ ගිණුම් තොරතුරුවල ආරක්ෂාවට ඔබේ අවධානය ඉතා වැදගත්. ආරක්ෂිත පුරුදු අනුගමනය කරමින් වගකීමෙන් ඩිජිටල් ලෝකය භාවිත කරමු.
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:09